හුඟක් අය පටලව ගත්තට ආයුර්වේද බෙහෙත් සහ සිංහල බේත් එකක් කියල. දෙකම එකක් නෙවේ. දෙකක්. සිංහල බේත් කියන්නෙ අපේ මේ මහ පොළවෙ ගස්; ගල්; මල්; මුල්; කොළ; පොතු; ගෙඩි; ඇට එක්ක අක්ෂරවල ප්‍රාණයත් කැටි කරගෙන අමුතුම විදියට සිදු කෙරෙන අපේම දේශීය වෙදකමට. සිංහලයේ අවසන් රජු වන වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ එක බිසවකට විසක් කැවීමෙන් වැළඳුණු සමේ රෝගයක් ළය විරේකයක් සිද්ධ කරලා සුවපත් කරපු අපේ හෙළ වෙද පරම්පරාවක දහතුන් වන පුරුක වන විමල සිරිසේන වෙද මාතාව තාම අලව්වෙ වළකුඹුරෙ නිදුකින් බේත් කරනවා. ඇය තාමත් ආමාශයේ විස අයින් කරන්න මේ දුර්ලභ ළය විරේක කරන්නෙ ඉසිවරියක් වගේ. ඇගේ දැක්ම පවා අපේ ඇසට නිධානයක්.
Claim listing is the best way to manage and protect your business.