අවුරුදු සීයකට එපිට රද්දල්ගොඩ, අම්බලන්වත්ත ගමේ පැළපදියං වෙලා උන්නු මල්ලූ දැරිවි දෑහට මුලිච්චි වුණු කල්එළියෙ උණ්ඩියා රාළ, මල්ලූ දැරිවිගෙ අත්ගුණේට වහ වැටිලා එතනම බින්න බැස්සා. මල්ලූ හදන බොජනේ, රාජ බෝජනේ පරාදයි කියලා මුළු ගමම දැනං හිටියා, ඒ මල්ලූගෙ දුව වෙච්චි දයාවතීයි වගේම ඒ දායාවතීගෙ දු වෙච්චි , සෝමවතීත් දෑවැද්දට අරන්ගියේ ඒ අත්ගුණේ. ඒ් පරම්පරාගත වට්ටෝරුවට අනුව කබලෙ බැදල කුඩු කරගත් කොස් ඇටයි, සීනියි, පොලූයි එකතු කරල තව අදටත් ඒ සෝමා ආතම්මා අග්ගලා හදනවා. කහට කෝප්පෙකට අපූරුවට ගැලපෙන ඒ පෝෂණය සපිරි; ප්රණීත; දේශීය කැවිලි අපේ ඇසට නිධානයක්.
Claim listing is the best way to manage and protect your business.