ලෝකයේ විවිධ රටවල්වල රූකඩ තිබුණත් කදුරු ලීයෙන් තනා, නූලකින් නැටවූ හුරුබුහුටි නූල් රූකඩ තිබුණේ ලංකාවටම පමණයි. යුනෙස්කෝ සංවිධානය ලංකාවේ නූල් රූකඩ ලෝක උරුමයක් ලෙස 2018 වසරේ නම් කළේ ඒ නිසා. රූකඩ කලාවට ප්රදර්ශනාත්මක ඉතිහාසයක් 1922 දී උදාවෙන්නේ පොඩිසිරිනා ගුරුන්නාන්සේ වේල්ස් රජ කුමරුට පෙන් වූ ප්රථම රූකඩ ප්රදර්ශනය හේතුවෙන්. රජ කුමරුගෙන් ඔහුට බොහෝ තුටු පඩුරු පවා ලැබුණා. අම්බලන්ගොඩ රූකඩ ලෙස නමට කියවුණත් ලංකාවේ සියලූම රූකඩ ශිල්පීන් සිටින්නේ බලපිටියේ. අතීතයේ සිට අද දක්වා බිහි වූ සියලූම රූකඩ ශිල්පීන් සමරනු වස් දැන් සිටින සියලූම රූකඩ ශිල්පීන්ගේ සහයෝගීත්වයෙන් මෙරට ප්රථම සහ එකම කෞතුකාගාරය බලපිටිය වලගෙදරදී දෙස් විදෙස් සැමට විවෘත වී තිබෙනවා. ඒ් වෛවර්ණ ආනන්දය නම් අපේ ඇසට නිධානයක්.
Claim listing is the best way to manage and protect your business.