අංගම්පොර කියන්නේ අවුරුදු තිස් හතළිස් දාහක් තිස්සෙ අපේ මේ පුදුම දිවයිනටම ආවේණික වුණු දේශීය සටන් කලාවක්. නිල සාත්තරේ, මන්තර සාත්තරේ, නක්සාත්තරේ වගේම වෙදකමත් මේ සටන් ශිල්පය එක්කම ඉගෙන ගැනීම අනිවාර්යයි. ඒත් සුද්දගෙ කාලෙ මේ අංගම්පොර ශිල්පය තහනම් වුණේ සුද්දට මේ ක්‍රම සහ විධි අල්ලගන්න බැරි වුණු නිසයි. දැන් දැන් මේ අංගම්පොර ශිල්පය නැවත රටේ අහුමුලූවලින් හිස ඔසවන එක අපිට අභිමානයක්. ඒ් වගේම ඒ අභිමානය අපේ ඇසට නිධානයක්...
පිළිමතලාවේ කහඹේ කියන ගමේ තාම ඉන්නවා iv වන බුවනෙකබාහු රජ සමයේ සිට පැවතෙන පුරාණ දෘෂ්ටි විශේෂඥ පරම්පරාවේ අටවෙනි පුරුක. මේ පරම්පරාවේ අය පළිඟු පාෂාණයෙන් ඇස් කණ්ණාඩි හදනවා. රජ කාලේ ඉඳන් එන මේ තාක්ෂණය තාමත් ක්‍රියාත්මකයි. ඒ ආඩම්බරය අපිට. ඒ කියන්නෙ රටට.
කන්දෙගම පුරාවිද්‍යා රක්ෂිතය තුළ පිහිටා ඇති දානිගල පර්වතය මනමෝහණීයයි. දානිගල කඳු මුදුන වෙනත් කිසිම කඳු මුදුනකට සම කරන්න බැරි තරම් වෘත්තාකාරයි. සමතලයි. ඒ නිසාම චිත්තාලංකාරයි. විශ්වයේ රහස් බොහෝ සේ සඟවා ගත් තැනිතලා වක්‍රයක් ඔසවා ගත් මේ දානිගල කන්දට පිටසක්වළයන්ගේ පර්වතය (Alien Rock) කියාද නමක් තියෙනවා. සෑම රාත්‍රියකම ආලෝක බෝල මේ කඳු මුදුනතේ සැරිසරන බැව් ගම්මුන් පවසනවා. ඒ නිසා ආකාශය දෙව් ලොවින් කොටස් සේ දිස්වන විට ඒ සෞන්දර්යය අපේ ඇසට නිධානයක්.
මඩකළපු නගරය කාත්තන්කුඩියට යා කරමින් දිවෙන ලංකාවේ දිගම යකඩ පාලම වූ කල්ලඩි පාලම ළඟ සිංදු කියන මාළුවෝ ඉන්න බවට හරිම ප්‍රසිද්ධයි. සංගීතමය ශබ්ද රටා ඇති මේ මාළුවෝ රාත්රියේදී ධීවරයන්ට මග කියන බවට විශ්වාසයි. මේ තරම් සුන්දර කාව්‍යාත්මක දේ සැඟවුණු සිරි අසිරිය නම් ශ්‍රී ලංකාවම පමණයි. ඒ සොඳුරු බව අපේ ඇසට නිධානයක්.
හුඟක් අය පටලව ගත්තට ආයුර්වේද බෙහෙත් සහ සිංහල බේත් එකක් කියල. දෙකම එකක් නෙවේ. දෙකක්
ලෝකයේ විවිධ රටවල්වල රූකඩ තිබුණත් කදුරු ලීයෙන් තනා, නූලකින් නැටවූ හුරුබුහුටි නූල් රූකඩ තිබුණේ ලංකාවටම පමණයි.
අවුරුදු සීයකට එපිට රද්දල්ගොඩ, අම්බලන්වත්ත ගමේ පැළපදියං වෙලා උන්නු මල්ලූ දැරිවි දෑහට මුලිච්චි වුණු කල්එළියෙ උණ්ඩියා රාළ, මල්ලූ දැරිවිගෙ අත්ගුණේට වහ වැටිලා එතනම බින්න බැස්සා.